32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාජ්‍ය ආයතනවලට එල්ල වූ සයිබර් ප්‍රහාර ගැන සෙවීම සී.අයි.ඩීයට

රාජ්‍ය ආයතනවලට එල්ල වූ සයිබර් ප්‍රහාර ගැන සෙවීම සී.අයි.ඩීයට

රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු මස 26 වැනි දින එල්ල වූ එම සයිබර් ප්‍රහාරයෙන් කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ ආයතන රැසක විද්‍යුත් ලිපිනයන්වල දත්ත අහිමි වී තිබේ.

එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයෙන් සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.