26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලි ජීවිත දෙකක් බිලි ගනී

වන අලි ජීවිත දෙකක් බිලි ගනී

වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හඳුන්ගමුව හිඹිලියාකඩ සහ මහඔය බොරපොල යන ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

හිඹිලියාකඩ ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (16) සවස පොලිසියට හදිසි ඇමතුම් අංශය ඔස්සේ ලැබුණු තොරතුරකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා (15) අසල නිවසකට යන බවට නිවැසියන්ට පවසා ගොස් ඇති අතර ඊයේ උදෑසන වන තෙක් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් සමග කළ සොයා බැලීමේදීයි මඩුගහවෙල ඇල අසල කැලෑබද ප්‍රදේශයක තිබී වන අලියා පහරදීමෙන් මියගිය සිරුර හමුවී ඇත්තේ.

ඔහු හඳුන්ගමුව හිඹිලියාකඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෘත ශරීරය මහියංගණය රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ රාත්‍රී මහඔය බොරපොල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් 82 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු යකින්නිගල කන්ද පාමුල රක්ෂිතයේ ගල් සියඹලා කැඩීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී වන අලියෙකු පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මහඔය පොලිසිය විමර්ශන සිදු කරනවා.