26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගම හෝටලයක යකා නැටූ විදේශිකයා ජීවිතක්ෂයට

වැලිගම හෝටලයක යකා නැටූ විදේශිකයා ජීවිතක්ෂයට

වැලිගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කාමරයට ගිනි තබා එම ගින්නට පැනීම හේතුවෙන් පිලිස්සුම් තුවාල ලබා සිටි ඊජිප්තු ජාතිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 ) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි මෙම විදේශිකයා විසින් එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී පසුව කාමරයට ගිනි තබා එම ගින්නට පැන තිබුණා.

ඔහු 33 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙක්.

මෙම සංචාරකයා කුඹල්ගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක වසර තුනකට අධික කාලයක් නේවාසිකව සිට ඇති අතර ගෙවී ගිය මාසයක පමණ කාලයක සිට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් හිමිකරු සහ විදේශිකයා අතර පසුගිය 2 වනදා බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.

එහිදි ඊජිප්තු ජාතිකයා විසින් තියුණු ආයුධයකින් හිමිකරුට පහරදී තමා නේවාසිකව සිටි කාමරයට ද ගිනි තබා ගෑස් ටැංකියක් ද ගිනි ගොඩට දමා තිබුණා.

ගිනි තැබීමෙන් වටිනා ගෘහ භාණ්ඩ ඇතුලු උපකරණ රැසක් විනාශයට පත්ව තිබූ අතර ඔහුද ගින්නට පැන සියදිවි නසා ගැනීමටයි උත්සාහ කර තිබුණේ.

පිලිස්සුම් තුවාල ලැබූ මෙම සංචාරකයා බේරා ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

සිදුවී තිබූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෘතදේහය මෙවන විට මාතර රොහලේ තැන්පත් කර ඇති අතර මෙම සංචාරකයගේ ඥාතීන් පැමිණීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.