29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවික්ටෝරියා රක්ෂිතයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

වික්ටෝරියා රක්ෂිතයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මහනුවර, පදියපැලැල්ල මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා විට එය මළබැඳී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මිලිමීටර 40 වර්ගයේ බෝම්බ විදිනයක ආධාරයෙන් පිපිරවිය හැකි බෝම්බයක්, එල්. එම්. ජී උණ්ඩ 9 ක්, මිලිමීටර 50 ගුවන් යානා නාශක උණ්ඩයක් හා විවිධ වර්ගවලට අයත් ජීව අත් බෝම්බ 03 ක් මෙම පුපුරණ ද්‍රව්‍ය අතරට අයත් ..

119 අංකය ඔස්සේ පොලීසියට ලද තොරතුරකට අනුව එම පුපුරණ ද්‍රව්‍ය සෙයාගෙන ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත භාරදී නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.