19.3 C
London
Monday, October 2, 2023

ලංකාව බංකොලොත් යැයි ප‍්‍රකාශ කිරීම නීති විරෝධීයි – වජිර

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා බංකොලොත් රජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ පිළිබඳව මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ පුද්ගලයන් සම්බන්ධයෙන් රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බලා යුතුව ඇති බවයි.

අප්‍රේල් 12 වැනිදා චීනයට ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 70යි. දෙසැම්බර් වෙනකම් එය ගෙවන්න අවස්ථාව තිබුණා. 2022 ගෙවන්න තිබුණේ සමස්ත ණය රුපියල් බිලියන හතයි දශම දෙකයි. (7.2) අප්‍රේල් වනවිට ඉන් ඩොලර් බිලියන තුනයි දශම දෙකක් (3.2) ගෙවලා තිබුණා. මෙවැනි තත්ත්වයක් තිබියදී කඩිමුඩියේ මුදල් ඇමැති ඉල්ලා අස්වෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒ අතරේ විදෙස් රටක සිටි අධිපතිවරයෙක් රටට සැපත් වෙනවා. ඔහු රට බංකොලොත් කියලා ප්‍රකාශ කරනවා. ඒක ඔහුට අයිති නැති රාජකාරියක්. එය සිදුවී තිබෙනවා.

මේ කමිටුව විසින් සොයා බැලිය යුත්තේ මේ රට බංකොලොත් කියල නිවේදනය කරන අවස්ථාවේ එම ස්ථානවල සිටියේ කොයිවගේ පුද්ගලයන් ද කියලා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂී ස්ථානවල ප්‍රතිලාභ ලැබුවද කියලා සොයා බැලිය යුතුයි. කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම්වලට යටවෙලා ඩොලර් මිලියන 70 කට රට බංකොලොත් කීම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඉන්න පුද්ගලයන් දෙස රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ඒ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා. මහජන නියෝජිතයෝ 100කගේ පමණ ගෙවල් ගිනිබත් වුණා. එසේ වීමට ප්‍රධාන කාරණය අදාළ බලධාරීන් පාලනය නොකිරීමයි. බිලියන 7.2 කින් බිලියන 3.2 ක් ගෙවලා තිබියදී රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ ලෝකයෙන් නෙවෙයි. ඒ නිවේදනය කළේ මහ බැංකුව මගිනුයි. මෙය ව්‍යවස්ථාවට අනුවත් එය උල්ලංඝනය කිරීමක් වෙනවා.”

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ රට ගොඩනැගිය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. හෙතෙම මේ බව සඳහන්...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය. මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here