29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහන දෙන්න සාකච්ඡා

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහන දෙන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ මහතා සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අද (18) මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ සහ අමාත්‍යාවරයා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

අමාත්‍යවරයා පැවසුවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි.