27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පානදුර වෙරලේ සිරි නරඹමින් සිටී යුවලක් පැමිණි ත්‍රිරෝද රථයේ තිබූ ගමන් මල්ලක් සොරකම් කර එහි තිබූ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් වංචාකල දෙදෙනෙකු සිසිටිවි දර්ශන උපයෝගී කරගනිමින්  අත්අඩංගුවට ගැනීමට  පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත .

පින්වත්ත, වලපල සහ කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි 36, 52 සහ 55 වියැති පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති  බව පොලිසිය පවසයි.

හොරණ ප්‍රදේශයේ අඹුසැමි යුවලක් පානදුර වෙරළට පැමිණ ත්‍රිරෝද රථය ගාල්කර වෙරලේ කතාබස් කරමින් සිටියදී කාන්තාවගේ ජංගම දුරකථනයට මැසේජ් දෙකක් ලැබී පරීක්ෂා කිරීමේදී ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් භාණ්ඩ මිළදී ගන්නා බවට දැනගන්නට ලැබී පැමිණිලි කර ඇතැයි පොලිසිය කිය.

වෙළද සැල සහ අවට පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගමන් මල්ලේ තිබූ  මැණික් ගලක් අල්ලන ලද රන් පෙන්ඩනයක්, ක්‍රෙඩිට් කාඩ්පත් සොයාගත් බවද පොලිසිය පවසයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.