31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචක්‍රලේඛය කඩ කළ ගුරුවරුන් 10කට ස්ථාන මාරුවීම්

චක්‍රලේඛය කඩ කළ ගුරුවරුන් 10කට ස්ථාන මාරුවීම්

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාතමේන්තුවේ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් අමතර පන්ති පැවැත්වූ ගුරුවරුන් 10 දෙනෙකුට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පෞද්ගලික පන්ති නොපවත්වන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් අමතර පන්ති පැවැත්වූ ගුරුවරුන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම චක්‍රලේඛයට එරෙහිව මහනුවර සහ අවට ප්‍රදේශ රැසක පාසල්වල ඇතැම් ගුරුවරුන් අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරක් මත පළාත් අධ්‍යාපන ලේකම් මනේකා හේරම් මහත්මියගේ නිර්දේශය මත විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

පෞද්ගලික පන්ති පවත්වාගෙන යන ගුරුවරුන් පාසල් වාර විභාගවලදී තමන්ගේ අමතර පන්තිවලට සහභාගි වන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙන බවට අමතර පන්ති සඳහා සහභාගී නොවන දරුවන්ගේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ලැබී තිබේ.

මේ වනවිට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කරන වාර විභාග ප්‍රශ්න පත්‍ර ලබන වසරේ සිට පාසල් මට්ටමින් සකස් කිරීමට සැලසුම් කර ඇත.