27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනාවක්

ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනාවක්

රාජ්‍ය ආයතනවලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකිවීමෙන් නිවැරදි පුවත් ජනතාවට සමීප කිරීමට බාධා සිදුව ඇති බවට විවෘත සහ වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව හමුවේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කරයි.

ඇතැම් මාධ්‍ය ලේකම්වරුන් තොරතුරු සම්බන්ධීකරණය නිසියාකාරව සිදු නොකිරීම නිසා රජයේ යහපත් සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට ගෙනයාමට නොහැකි වී ඇති බවයි ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නා. ඒ පිළිබද විශේෂ අවදානය යොමුකරමින් ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි කාරක සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඊ එම් එස් බී ජයසුන්දර මහතාට දැනුම් දුන්නේ