― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජේ.ආර්. ජයවර්ධන ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී...

ජේ.ආර්. ජයවර්ධන ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් 

දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (17) දිනට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.

ජන්ම දින සමරුම් උත්සවය අද (17) පස්වරුවේ කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කළේය.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් කරු ජයසූරිය මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ජනාධිපතිතුමාගේ පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළ අතර එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

ජේ. ආර්. ජයවර්ධන යනු මෙරට සමාජ ආර්ථිකයේ පෙරළියක් කළ මහා විප්ලවවාදියා ය. එතුමන් 1977 දී ආරම්භ කළ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම්, අද අප සංවර්ධිත රාජ්‍යයකි.

නමුත් රටේ ඇති වූ කැරළි කෝලහාල, ත්‍රස්තවාදය වැනි අර්බුද සහ ජේ. ආර්. දර්ශනය මනාව අවබෝධ කර ගැනීමට අසමත් වීම ආදී විවිධ හේතු මත අපට ඒ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියයට සියකක්ම සාර්ථක කර ගැනීමට නොහැකි විණි.

එවක සංවෘත ආර්ථික හා සමාජවාදී ආර්ථික පිළිවෙත් අනුගමනය කළ ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී අප කලාපීය රටවල් සිය සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලීමේදී ජේ. ආර්. ක්‍රමය හැදෑරූහ. ඒ සියලු රටවල් අවබෝධයෙන් යුතුව සිය ප්‍රතිපත්ති කාලානුරූපව හැඩගස්සවා ගනිමින් ඉදිරියට ගියහ.

ජේ. ආර්. දේශපාලනයට පිවිසියේ 1938 දී ශ්‍රී ලංකා කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙනි. එතුමන් 1946 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන විට පක්ෂයට එක්ව, ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා බවට පත්විය. අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයෙන් පසුව 1973දී ජේ.

ආර්. ජයවර්ධන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය.

1977 මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ජාතික ව්‍යවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේය.

1978 දී පළමු විධායක ජනාධිපති ලෙස පත්වීමෙන් පසු නීති සම්පාදක අගනුවර වන කොළඹ, ජයවර්ධනපුරට ගෙන ගිය එතුමන් ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා වාණිජමය දියුණුවට කැපවෙමින් සමාජ සාධාරණත්වය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ජනාධිපතිවරයෙකි.

එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය නූතනවාදී රාජ්‍යයක් බවට පත් කිරීමේ නව සමාජ ක්‍රමය නිර්මාණය වූයේ ද ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේය.

නොබැදි ජාතීන්ගේ සංවිධානයේ සයවන මහ ලේකම් තනතුර දරමින් එතුමන් තම රට වෙනුවෙන් කරන ලද සේවයන් අතිමහත්ය. එම මතකය ස්මරණය කිරීම අගය කළ යුතුය.