26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට නව නිවාස

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට නව නිවාස

තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා නව නිවාස 1,500ක් ලබාදීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමටයි ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන ඇත්තේ.

තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නිවාස ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති අතර ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින් විවෘත කර තිබේ.