32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිමන්නාරම හා කොටුව අතර නව දුම්රියක්

තලෙයිමන්නාරම හා කොටුව අතර නව දුම්රියක්

තලෙයිමන්නාරම හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කළේ මෙම දුම්රිය තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන අතර පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බවත් සවස 3.35ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බවත්ය.

වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන, තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරිවලින් මෙම දුම්රිය සමන්විතය.