27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රී උද්දික ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

මන්ත්‍රී උද්දික ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේදී නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා විසින් පැදවූ මෝටර් රථයට එම වෙඩි ප්‍රහාරය වැදී ඇති අතර, ඊයේ රාත්‍රී 10.35ට පමණ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් සිය නිවස ඉදිරිපිටට පැමිණ රථයෙන් බැස ගේට්ටුවෙන් නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ මේ වනවිටත ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.