24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි අස්වැන්නක් සහිත නව දෙළුම් ප්‍රභේද 02ක්

වැඩි අස්වැන්නක් සහිත නව දෙළුම් ප්‍රභේද 02ක්

ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් සූදානම් වන බව වාර්තා වනවා.

කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණ මේ වනවිට අතිශය සාර්ථක වී තිබෙන අතර ඉහළ අස්වැන්නක් සහිත ඉතාමත් මිහිරි රසින් යුත් මෙම දෙළුම් ප්‍රභේද දෙක තවත් මාස කිහිපයකින් මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිත බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

වියළි කලාපීය දේශගුණය යටතේ වගා කළ හැකි මෙම නව ප්‍රභේද දෙක මේ වන විට පර්යේෂණ වගාවන් නොරොච්චෝල හා වීරවිල ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ ගොවිපොළවල වගා කර ඇති අතර එම වගාවන් සාර්ථක වී තිබේ.

මෙහි අස්වැන්න එක් ගසකින් මාස 08ක් තුළ කිලෝග්‍රෑම් 10 – 15 ත් අතර ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ගසක ආයු කාලය වසර 35ක් පමණ වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කලේ.