27.8 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධනගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන එම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,