30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022 මුද්‍රණය කළ හැඳුනුම්පත් 4%ක දෝෂ

2022 මුද්‍රණය කළ හැඳුනුම්පත් 4%ක දෝෂ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2022 වසර සඳහා මුද්‍රණය කළ ජාතික හැඳුනුම්පත්වලින් සියයට 04ක් දෝෂ සහිත බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් එම දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

2022 වසර සඳහා එම දෙපාර්තුමේන්තුව ජාතික හැඳුනුම්පත් හයලක්‍ෂ විසිඅටදහස් නවසිය හැත්තෑ තුනක් මුද්‍රණය කර ඇති අතර ඉන් හැඳුනුම්පත් විසිදෙදහස් හාරසිය අනූහතක් දෝෂ සහිත බවයි දැක්වෙන්නේ.

මෙම කාඩ්පත් වර්ග දෙක මගින් මුද්‍රණය කරනු ලැබූ දෝෂ සහිත හැඳුනුම්පත් ප්‍රමාණය වෙන වෙනම ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වීම නිසා දෝෂ සහිත හැඳුනුම්පත්වලට අදාළ පිරිවැය ගණනය කිරීම සඳහා තොරතුරු විගණනයට ඉදිරිපත් වී නොතිබූ බවයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.