30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ

IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති නිසා විදේශ ණය ප්‍රශස්තකරණයද නුදුරේදීම අවසන් කළ හැකිවනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එය මෙරටට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් අවස්ථාවක් බවයි.