25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පනත් කෙටුම්පතක් 

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පනත් කෙටුම්පතක් 

ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

මෙයට සමගාමීව රටේ සමස්ත ආබාධිත සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ නව පනත් කෙටුම්පතක් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.