27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයන් 07ක් පිටුවහල් කෙරේ

නීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයන් 07ක් පිටුවහල් කෙරේ

ප්‍රංශයට අයත් ‘රීයුනියන්’ (Reunion) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ එම පුද්ගලයින් ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණ තිබූ බවයි වාර්තා වුණේ. මොවුන් මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් වන අතර ඉතිරි පුද්ගලයා සිංහල ජාතිකයෙක්.

ප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණෙන් මොවුන් මෙලෙස ‘රීයුනියන්’ දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් අතරින් 04 දෙනෙකු, එක් අයෙකු රුපියල් ලක්ෂ 03 බැඟින් ජාවාරම්කරුවන් වෙත ලබා දී මෙරට සිට බෝට්ටු මඟින් ‘රීයුනියන්’ දූපත වෙත ගොස් තිබෙනවා.

ඉතිරි තිදෙනා රුපියල් ලක්ෂ 04 ක්, ඇමෙරිකානු ඩොලර් 1,500ක් සහ ඇමෙරිකානු ඩොලර් 2,000ක් බැඟින් ජාවාරම්කරුවන් වෙත ලබා දී කටුනායක සිට ගුවන් මගින් ඉන්දුනීසියාව වෙත ගොස් එතැන් සිට බෝට්ටු මඟින් එම දූපත වෙත ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ (18) පස්වරු 01.20ට රීයුනියන් දූපතේ සිට එයා සීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම් – 9804 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණා.

එහිදී මෙම පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්‍රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.