27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශ කතානායක හා අගමැති අතර හමුවක්

බංග්ලාදේශ කතානායක හා අගමැති අතර හමුවක්

බංග්ලාදේශ කතානායක ශිරින් ෂර්මින් චෞද්රි හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර ඊයේ (18) හමුවක් පවත්වා තිබේ.

මෙම හමුව අරලිය ගහ මන්දිරයේදී පවත්වා ඇති අතර දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර තිබේ.

එවැනි සහයෝගිතාවයකින් දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු භාවිතයන් ශක්තිමත් කළ හැකි බව බංග්ලාදේශ කතානායකවරිය එහිදී අවධාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයට ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා බංග්ලාදේශය සහයෝගීතාව ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පවසා ඇත.

ජාත්‍යන්තර වෙළෙඳාමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා කොළඹ වරායට අමතරව ත්‍රිකුණාමලය සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරීමට බංග්ලාදේශය ඉතා උනන්දුවෙන් සිටින බවයි මෙම හමුවේදී බංග්ලාදේශ කතානායකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.