32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅන්තර්ජාල ආරක්ෂණ නීති හරි දරුණුයි - හර්ෂ

අන්තර්ජාල ආරක්ෂණ නීති හරි දරුණුයි – හර්ෂ

ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ෆේස්බුක්, ගූගල්, ඉන්ස්ටග්‍රෑම් වැනි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම් ශ්‍රී ලංකාවෙන් පලවා හරින කුරිරු නීතියක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙම ගැසට් පත‍්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් සත්‍ය අසත්‍ය කුමක්ද යන්න තීරණය කිරීමට කොමිසමක් පත් කළ යුතුයි. එය කතා කිරීමේ නිදහස සහ සිතීමේ නිදහස උල්ලංඝනය කරයි. මේ නීතිය පනවලා ක්‍රියාත්මක කළොත් ඔබට කවදාවත් විදේශ ආයෝජකයෝ ලැබෙන්නේ නැහැ.”

එසේම ගූගල්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාගම් මෙම නීතිය සාදරයෙන් පිළිගනී යැයි ඔබ සිතනවාද? හර්ෂ ද සිල්වා මැතිසබයේදී ප්‍රශ්න කළේය.