31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsචමින්ද කුලරත්න පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

චමින්ද කුලරත්න පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න පත් කර තිබේ.

මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී පැවතුණ අතර ඒ අනුවයි මොහු පත්කර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබීය.

ඉදිරිපත් කර තිබූ අයදුම්කරුවන් කථානායකවරයාගේ සභාපතීත්වයෙන් යුතු අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය යන අයගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම තනතුර සඳහා නීතිඥ චමින්ද කුලරත්න තෝරාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.