27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

එම මුහුදු තීරයට ගොඩගසා තිබිය දී අදාළ මළ සිරුර ඊයේ (18) දහවල් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම පුද්ගලයා කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසී සිටින බව සඳහන්.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.