― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපස් කණ්ඩියකින් පහළට ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පස් කණ්ඩියකින් පහළට ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ දි 18 දින රාත්‍රි පස් කන්ඩියකින් පහලට ඇදවැටිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඇල්ලවත්ත,පහලකොටස බල්ලකෙටුව ලිපිනයේ පදිංචි වීරන් පුෂ්පම් නැමැති පුද්ගලයෙක්

මියගිය පුද්ගලයා 18 දින රාත්‍රි හතට පමණ ඔහුගේ නිවසට ගමන් කරමින් සිටියදි පස් කන්ඩියකින් පහලට ඇද වැට්මෙන් හිස ගලක වැදි මියගොස් ඇති බවට ඔහුගේ ඥාතියෙක් විසින් ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදුකල විමර්ශන වලදි මියගිය පුද්ගලයා පස් කන්ඩියෙන් පහලට ඇදවැටි තුවාල සිදුව සිටිනු දැක ඇති අසල්වැසියන් විසින් ඔහු නිවසට රැගෙන ගොස් ඇදක තබා 1990 ගිලන්රථ සේවයට මේ බව දැනුම් ඇති බව පොලිසිය කියයි.

පසුව 1990 ගිලන් රථයේ අයවලුන් විසින් තුවාලකරු මියගොස් ඇති බවට දැනුම්දිමෙන් අනතුරුව එ බව මරණකරු ගේ ඥාතියා විසින් පොලිසිය වෙත පැමිනිලි කර ඇති බවට කරුණු අනාවරණය වු බවද පොලිසිය කිය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බැවින් මෙ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා ⁣මෘත දේහය බදුල්ල ශික්ෂන රෝහලට රැගෙන යාමට පියවර ගක් බවද පොලිසිය පවසයි.