29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියා හා දියණිය නොඑන ගමන් යැවූ රිය අනතුර

පියා හා දියණිය නොඑන ගමන් යැවූ රිය අනතුර

වෑන් රථයක් ගසක ගැටීමෙන් පියෙක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මඩකලපුව දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ වෑන් රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ වම්පස තිබූ කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් වාහනය ධාවනය කළ රියදුරා (පියා) හා දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මඩකලපුවේ වාලච්චේන ප්‍රධාන මාර්ගයේ වෙප්පඅඩි වංගුව ප්‍රදේශයේදී ඊයේ (18) මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු හා ඔහුගේ දියණිය, බිරිඳ සන්දිවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසුවයි වෑන් රථයේ රියැදුරු හා ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා සි හැවිරිදි දියණියකි.

සන්දිවේලි පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.