25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම ඉංජිනේරුවන් 100ක් රට හැර ගිහින්

ලංවිම ඉංජිනේරුවන් 100ක් රට හැර ගිහින්

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 100ක් විදෙස් ගත වී ඇති බව විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ තවත් 100 දෙනෙක් විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි.

මේ වනවිට විදුලිබල මණ්ඩලයේ සේවය කළ ‍ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් 2500ක් සේවයෙන් ඉවත් වී ඇති අතර ඔවුන් ඊට හේතු ලෙස දක්වා ඇත්තේ මෙරට ආර්ථික අර්බුදය සහ අධික බදු අයකර ගැනීමයි.

මෙලෙස විදෙස්ගත වන ඉංජිනේරුවන්ට එම රටවලින් ඇමරිකානු ඩොලර් පන්දහසක පමණ වැටුපක් හිමිව ඇති අතර එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහසයක් පමණ වේ.