― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsවරාය නගරය 26 වැනිදා ලෝකයට හඳුන්වා දෙයි

වරාය නගරය 26 වැනිදා ලෝකයට හඳුන්වා දෙයි

ලබන 26 වැනිදා ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද එම උත්සවයට සහභාගී වෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බවයි.

එමෙන්ම එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය) යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.