― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට වැඩ වරදී

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට වැඩ වරදී

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් ආරම්භ කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කීරි සම්බා සහල් සහ කැකුළු සහල් තොගයක් සොයාගත් බවයි ඔවුන් පවසන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වෙළඳසැල් හිමියන් විසින් පාරිභෝගිකයන්ට පවතින මිලට වඩා ඉහළ අගයකට සහල් අලෙවි කර ඇති බවයි.