29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews09 හැවිරිදි දරුවාට ගුටි දුන් සුළු පියා අත්අඩංගුවට

09 හැවිරිදි දරුවාට ගුටි දුන් සුළු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 09ක දරුවෙකුට බීමතින් පැමිණ අමානුෂික අන්දමින් පහරදුන් බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ සුළු පියා බව කියන පුද්ගලයෙකු බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු ලිහිණියාව, හලවැල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දරුවාගේ මව දරුවා සුළු පියා භාරයේ තබා විදේශ ගතව සිටින බවයි තොරතුරු වාර්තා වුණේ. සැකකාර සුළු පියා බීමත්ව පැමිණ දරුවාට අතින් පයින් පහරදෙන බවට ලද තොරතුරක් මත ඔහුව ඊයේ (18) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑම්වලින් තුවාල ලබා සිටි දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකරන බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.