28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක අවිවාහක රූ රැජින මෙරටට

ලෝක අවිවාහක රූ රැජින මෙරටට

ලෝක අවිවාහක රූ රැජින 2023 (Miss Queen of the World) ලෙස කිරුළ පැළඳි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (ක්‍රිශන්ගී ඝෞරී) මෙනවිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සදහා ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය (22) දින කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
<ප්>මෙම ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය (19) දින රාත්‍රී 10.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
<ප්>ඇය පිළිගැනීම සදහා ශ්‍රී අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.