29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනියම් බිරිඳට ගුටි දුන් සැරයන් අත්අඩංගුවට

අනියම් බිරිඳට ගුටි දුන් සැරයන් අත්අඩංගුවට

අනියම් බිරිඳට පහරදුන් පොලිස් සැරයන්වරයෙක් බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු බවයි.

බඩල්ගම, කටුකෙන්ද, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම අනියම් බිරිඳ මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් සැරයන්වරයාගේ පහරකෑමට ලක්ව ඇති අතර ඇය මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුවයි පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.