22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

උතුරේ ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

උතුරු පළාතේ කොඩිකාමම් පොලිස් වසමට අයත් ඉඩමක තිබී ඊයේ (19) අනතුරුදායක පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

එම ඉඩම JCB රථයකින් එළි පෙහෙළි කිරීමේදී බැරලයක් තුළ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය හමු වී ඇත.

මෙහිදී ක්ලේමෝ බෝම්බ සහ මෝටර් උණ්ඩ හඳුනාගෙන ඇති අතර එම බැරලයේ තවත් පුපුරණ ද්‍රව්‍ය තිබෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසියට තොරතුරු ලබාදී ඇති අතර පොලිසිය විශේෂ කාර්ය බළකාය හරහා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට කටයුතු කරමින් සිටී.