26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන 13 කගෙන් ප්‍රකාශ ගනී

උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන 13 කගෙන් ප්‍රකාශ ගනී

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව යම් යම් උපකල්පන මත පරීක්ෂණ පැවැත්වෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පසුගිය ඉරිදා රාත්‍රියේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා මෝටර් රථයකින් යමින් සිටියදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අනුරාධපුර අගවිනිසුරුවරයා නියෝග කර ඇත්තේ පොලිසිය ඊයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.