― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල

ග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල

නව වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අද (20) පාර්ලිමේන්තුවේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාල සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ අනුව දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ඉඩම් නිලධාරීන්ට, ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බව ඇය අවදාරණය කළාය.