29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හා සමන්තා පවර් අතර හමුවක්

ජනපති රනිල් හා සමන්තා පවර් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකාවට ගොස් සිටින අතර එහිදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවයි ඇය ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙන්නේ.