― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදැරියන්ගේ අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු හිමිනමක් අත්අඩංගුවට

දැරියන්ගේ අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු හිමිනමක් අත්අඩංගුවට

කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කළ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හිමිනම විසින් අසභ්‍ය වෙබ් අඩවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි මෙම හිමිනම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම හිමිනමගේ පරිඝනකය සතුව තිබී මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා දර්ශන හමුව ඇති බව පොලිසිය පවසයි.

කුඩා දරුවන්ගෙ නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම සැකකරු විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බව දැන සිටියේ නැති බවද එම පොලිසිය පවසයි.