27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුපුරන ද්‍රව්‍ය සමග 5ක් අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය සමග 5ක් අත්අඩංගුවට

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බව සඳහන්.

නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහීදී, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා පිටත්ව යාමට සූදානමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13ක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 41ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, ඔවුන් නඩු භාණ්ඩ ද සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.