26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට AI භාවිතය ගැන මෙටා සමාගම සමඟ සාකච්ඡාවක්

මෙරට AI භාවිතය ගැන මෙටා සමාගම සමඟ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් (Sir Nick Clegg) අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊයේ (19) සවස එම හමුව පැවති බවයි.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පහදා ඇති අතර ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රීම බුද්ධි කෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.