26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

රට රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

රුමේනියාවේ සහ ඩුබායි හී රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව කොළඹ අංක 05 දරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 100 ක් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

රුමේනියාවේ රැකියාවක් ලබා දීම සදහා රුපියල් ලක්ෂ 09 ක් සහ ඩුබායි හී රැකියාවක් ලබා දීම සදහා රුපියල් 1,50,000 ක මුදලක් සැකකාරිය විසින් ලබා ගත් නමුත් පොරොන්දුවූ පරිදි මෙතෙක් රැකියාවන් නොලැබුණු බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇත.එම පැමිණීල්ල අනුව ක්‍රියාත්මක වී ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින්ට විදේශ රැකියා ලබා දීම සදහා සැකකාරිය වලංගු බලපත්‍රයක් ලබා ගෙන නොතිබූ බවද විමර්ශණ වලදී හෙලිවී ඇත. මෙම ජාවාරමට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සදහන් කරයි.