23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරාජපක්ෂලාට තලන්නම හදන්නේ ඇයි? - විමලවීර

රාජපක්ෂලාට තලන්නම හදන්නේ ඇයි? – විමලවීර

පාස්කු ප්‍රහාරයට කිසිඳු සම්බන්ධයක් නොමැති රාජපක්ෂලාට තලන්නම හදන්නේ කුමකට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලයේ නොමැති සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති රාජපක්ෂවරුන් ‘තැලීමට’ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මේ දවස්වල ප්‍රවෘත්තියක් යනවා සහරාන් මරාගෙන මැරුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කියලා. රුවන්වැලි සෑය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙන අවස්ථාවේ කිව්වා ඔහු සිංහල බෞද්ධ ඡන්දවලින් ජයග්‍රහණය කළේ කියලා.

ඒ නිසා මේ දේශපාලන මඩ ගැහිල්ල නිවට සත්‍යය වසන් කර තිබෙනවා. දැන් විශේෂ පරීක්ෂණ ඉල්ලනවා. රටේ කොමිසම් ගණනාවක් දාලා තිබෙනවා. දැන් මේ කොමිසමක් දාලා සමහරුන්ට ඕන රාජපක්ෂලා මේක පිටුපස හිටියා කියන්න. ඒ මිනිස්සු අද බලයේ ඇත්තෙත් නැහැ.

එදා බලයේ හිටියෙත් නැහැ. ඒ තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවයි. මේ කිසිදෙයකට සම්බන්ධ නැති රාජපක්ෂලා තලන්නමයි හදන්නේ. මොකක්ද මේ දේශපාලන න්‍යාය පත්‍රය?