28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්පාඤ්ඤයේ ෆුට්බෝල් ක්‍රීඩිකාවන්ගේ වර්ජනය අවසන්

ස්පාඤ්ඤයේ ෆුට්බෝල් ක්‍රීඩිකාවන්ගේ වර්ජනය අවසන්

ක්‍රීඩිකාවක සිප ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමත් සමග පාපන්දු වර්ජනය කළ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සිය වර්ජනය අවසන් කිරීමට එකඟවී ඇතැයි, ස්පාඤ්ඤ ක්‍රීඩා රාජ්‍ය ලේකම්ප වික්ටර් ෆ්‍රැන්කොස් පවසයි.

රාජ්‍ය ලේකම්වරයා මාධ්‍යට පවසා ඇත්තේ, පැය 7ක පමණ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් වර්ජනය අවසන් කිරීමට එකඟවූ බවයි.

පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවති උත්සවයකදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබියලස් ක්‍රීඩිකා ජෙනි හර්මෝසෝගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධියත් සමග ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ පාපන්දු තරග වර්ජනය කිරීමට තීරණය කළහ.

එම සිප ගැනීම සිය එකඟත්වය මත සිදු නොවූවක් බව හර්මෝසෝ පැවසූ අතර පසුව එය සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම දක්වා දුරදිග ගියේය.