27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහම්බන්තොට රෝහලේ ශල්‍යකර්ම නැවතිලා - සජිත්

හම්බන්තොට රෝහලේ ශල්‍යකර්ම නැවතිලා – සජිත්

නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතර වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා නොදන්වා විදේශගත වී ඇති බවත් රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතර වී ඇත්තේ මේ නිසා බවත් විපක්ෂ නායකවරයා එහිදී අවදාරණය කළේය.

මේ ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් දුෂ්කරතාවට පත්ව සිටින බවත් ශල්‍යකර්ම කර ගැනීම සඳහා අද ඔවුන්ට මාතරට, ගාල්ලට යෑමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

කරුණාකර මේ ප්‍රශ්නය ගැන අවධානය යොමුකර හම්බන්තොට රෝහලට නිර්වින්දන වෛද්‍යවරයකු වහාම ලබාදීමට ලබාදීමට කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.