25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට...

70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

2019 වසරේදී ඉලක්ක කළ 70% ක පුනර්ජනනීය බලශක්ති නිපදවීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කර, එම අරමුණ සපුරා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය..

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.