― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකැනඩාවේ සිටින ඉන්දියානුවන්ට අනතුරු ඇඟවීමක්

කැනඩාවේ සිටින ඉන්දියානුවන්ට අනතුරු ඇඟවීමක්

කැනඩාව බලා යන හෝ එහි වෙසෙන ඉන්දියානු පුරවැසියන්ට ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්නැයි ඉන්දියාව අනතුරු අඟවා තිබේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ වැඩෙන ඉන්දියා විරෝධී ක්‍රියාකාරකම් සහ දේශපාලනිකව අනුමත කරන ලද වෛරී අපරාධ ප්‍රකාශ සහ කැනඩාවේ සාපරාධී ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින් මෙම උපදේශනය නිකුත් කළ බවයි.

කැනඩාව විසින් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පවන් කුමාර් රායි නෙරපා හැරීමත් සමග මෙම අනතුරු ඇඟවීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කැනඩාවේ සික් නායක Hardeep Singh Nijjar ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව එරට අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීම මීට බලපා ඇති අතර සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම හා ඉන්දීය රාජ්‍යය සම්බන්ධව පවතින විශ්වසනීය චෝදනා විමර්ශනය කරන බවයි කැනඩාව පවසන්නේ.