28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෘතිම බිත්තර ගැන ජනතාවට දැනුම් දීමක්

කෘතිම බිත්තර ගැන ජනතාවට දැනුම් දීමක්

ව්‍යාජ කෘතිම බිත්තර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය එකක් බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ව්‍යාජ කෘතිම බිත්තර ශ්‍රී ලංකාව තුළ විකිණීමට හෝ බෙදාහැරීමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

එවැනි කෘතිම බිත්තර වෙළඳපොළ තුළ පවතින්නේ ද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරිය සොයා බැලීමක් ද සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ එවැනි බිත්තර වෙළඳපොල තුළ නොමැති අතර එවැනි කෘතිම බිත්තර පිළිබඳ කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් ද ලැබී නොමැති බවයි.

මීට පෙර ද ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව කෘතිම බිත්තර ඇති බවට ගෙන යන මෙවැනි ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසටයි එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම වෙළඳපල තුළ ඇති බිත්තර පරිභෝජනයට බියක් ඇතිකර නොගන්නා ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

එබැවින් එවැනි තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබාදෙන ලෙසටයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ