29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හා ඉරාන ජනපති අතර හමුවක්

ජනපති රනිල් හා ඉරාන ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි (Seyyed Ebrahim Raisi) අතර නිල හමුවක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී එම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ස්ඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දීර්ඝ කාලීන සබඳතා සහ වසර ගණනාවක් පුරා එකිනෙකාට ලබාදුන් සහයෝගිතාව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි කාලසීමාව තුළ සහයෝගීතාව වෙනුවෙන් ඉරානයට ස්තූතිය පළ කළේය.

නව ප්‍රවේශය හරහා දෙරට අතර සබඳතා පුළුල් කළ යුතු බව ප්‍රකාශ කළ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා ඒකාබද්ධ ආර්ථික කොමිසමක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඉරානයෙන් දියුණු කෘෂිකාර්මික තාක්‍ෂණ විකල්ප ලබා ගැනීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළ අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූහ.