― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම්  ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි -...

ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම්  ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි – සාගල

ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ඒ සඳහා ජාත්‍යන්තරයේ පවතින සම්ම්ත නීති රෙගුලාසි සමඟ අපද අනුගත විය යුතු බවත් ඊට අනුකූලව ආර්ථිකය හසුරුවා ගැනීම මඟින් ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඉදිරියට යා හැකි බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලීය ලියෝ සමාජය (LEO CLUB OF ROYAL COLLAGE) විසින් සංවිධාන කළ, තෝරාගත් ආගමික ස්ථාන, පාසල් හා වැඩිහිටි නිවාසවලට උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් අද (21) පැවැති උත්සවයට එක්වෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී, තෝරා ගත් ආගමික සිද්ධස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා චීන රජයේ අනුග්‍රහය යටතේ ලබා දෙන ලද සූර්ය බල පද්ධති බෙදා දීම, තෝරා ගත් පාසල් කිහිපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබා දීම හා තෝරා ගත් පාසල් සිසුන් සඳහා පාසල් බෑග් බෙදා දීම සිදු කෙරිණි.

ආර්ථික කළමනාකරණය විනිවිදභාවයකින් සිදු කිරීම මඟින් ජාත්‍යන්තර ආයෝජකයාගේ විශ්වාසය ඇති වන බවත් ආයෝජකයින් සිය මූල්‍ය යොදවන්නේ සුරක්ෂිත ආර්ථිකයක් හිමි රටවල් සමඟ බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

එබැවින් ආයෝජකයන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසියාගේ වගකීම ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරුවන ආකාරයට කටයුතු කිරීම බව ද කියා සිටියේය.

2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමටත්, 2050 වන විට පරිසරයට එකතුවන විෂ වායු අවම කිරීම හා පරිසර හිතකාමී (NEX -0) වැඩසටහන් ආරම්භ කිරීමටත් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා එම වැඩසටහන් සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය.