25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවගමුවේ සියලු පිං කැටවලට සීල් තබයි

නවගමුවේ සියලු පිං කැටවලට සීල් තබයි

නවගමුව පත්තිනි දේවාලය සහිත ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබා තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මුද්‍රා තබා ඇති අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ වංචා සහගත මුදල් අවභාවිතා නිසා ලද පැමිණිලි මත කරන ලද පරික්ෂණ අනුව මෙම විහාරයේ පිං කට මුද්‍රා තැබීම සිදු කළ බවයි.

කලක සිට මෙම දේවාලය⁣ට පූජා කෙරෙන රන් ආභරණ ආදිය අනිසි ලෙස විකුණාදමමින් මුදල් වංචා කරන බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි මතයි මෙලෙස මුද්‍රා තබා ඇත්තේ.