27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවස ඉදිරිපිට නවතා තිබූ සැප බස් රියක් ගිනිගනියි

නිවස ඉදිරිපිට නවතා තිබූ සැප බස් රියක් ගිනිගනියි

යාපනය මාණිප්පායි පොලිස් වසමේ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අධි සුඛෝපභෝගී බස්රථයක් අද (21) අලුයම් කාලයේදී ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

අද දින අලුයම 4ට පමණ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ අදාල බස්රථයේ හිමිකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී මෙලෙස ගිනිගැනීමටකට ලක්ව තිබුණා.

රාත්‍රි කාලය හේතුවෙන් බස්රථයේ ගින්න ආරම්භයේදී කිසිවෙකුත් දැක නොමැති අතර පසුව ගින්න බස්රථය පුරාම ව්‍යාප්ත වීමෙන් පසුව ප්‍රදේශවාසියෙකු දැක ඒ බව බස් රථයේ හිමිකරුටද දැනුම් දී ගින්න නිවා දැමීමට උත්සහ කොට ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන්ද පැමිණ බස්රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කලද ඒ වනවිටත් බස් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන ඇතැයිද පොලීසිය පැවසීය.

බස්රථයේ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ගිනි තැබුවේ යැයිද සැකයක් පවතින හෙයින් ගිනිගත්තේද එසේ නැතිනම් ගිනි තැබුවේද යන්න පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවයි මාණිප්පායි පොලීසිය සඳහන් කළේ.