― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු ප්‍ර+හාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයට සූදානම්

පාස්කු ප්‍ර+හාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයට සූදානම්

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරුණා.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

මේ තත්ත්වය තුළ අද දිනයේ යෝජනාව ඉදිරිපත් කර කතා කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා විසිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 2019 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති වීම කණගාටුවට කරුණක් බවයි.

ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් සභා පත් කළද එහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ඇතැමුන් බාධා පමුණුවා ඇති බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම ප්‍රහාර එල්ල කර අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි කර ඇති බවත්ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රාජ්‍ය බුද්ධි දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ඇතුළු පිරිසකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු සියලුම ජාත්‍යන්තර සංවිධානවල අධීක්ෂණය යටතේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඊට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් කියා සිටියේ ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණදීමට තමන් සූදානම් බවයි.